චීනය හා ශ්‍රී ලංකාව වැනි රටවල්වලට බාහිර බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වීමට අවස්ථාව තිබිය යුතු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
රටකට බාහිරව සිදුකරන බලපෑම් හරහා එම රටට වාසියක් කිසිම අවස්ථාවක ගෙන ආ නොහැකි බවත් ඒ හරහා ඇතිවෙන්නේ හිරිහැර, ව්‍යාකූලතා හා ව්‍යවසන පමණක් බවත් ඔහු සඳහන් කරයි.
මෑතකදි හොංකොංහි ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ලිපියක් ලියමින් ඔහු මේ බව සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ මෙම ලිපිය ඊයේ (16දා) ප්‍රකාශයට පත්කර තිබුණි.
ස්වාධීන හා සාමකාමී රාජත්‍රාන්තික ප්‍රතිපත්තියක් අනුගමනය කරන චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවන බවත් කිසයම් රටක අභ්‍යන්තර කටයුතු සඳහා තවත් පාර්ශවයක් මැදිහත් වන්නේ නම් එයට තරයේ විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කරයි.
රටක ස්වාධීනත්වය වෙනුවෙන් ස්ථිර ලෙස චීනය පෙනී සිටින බවත් බාහිර බලපෑම්වලට විරුද්ධව කටයුතු කරන බවත් පවසන තානාපතිවරයා රටකට තමන්ගේම තීරණ ගැනීමට අවස්ථාව තිබිය යුතු බවත් සඳහන් කරයි. මෙය ඉදිරියට ගමන් කළ හැකි එකම ක්‍රමය බවත් ඒ හරහා දීප්තිමත් අනාගතයක් ගෙඩනගා ගත හැකි බවත් ඔහු පවසයි.
